Latestවිදේශීය

තවත් ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙක් මුදාහරී

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ප්‍රාණඇපකරුවන් 17 දෙනෙකු ඊයේ (26) නිදහස් කර තිබෙනවා.

නිදහස් කළ පිරිස අතර ඊශ්‍රායල ජාතිකයින් 13 ක් සහ විදෙස් ජාතිකයන් තිදෙනෙකු සිටින බව සදහන්. මොවුන් සියලු දෙනා ගාසා තීරයේ රතු කුරුස සංවිධානයට භාරදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සිව්දින සටන් විරාම ගිවිසුමකට එළඹ තිබෙන අතර ඉන් තෙවන දින මෙම 16දෙනා නිදහස් කිරීමට හමාස් සංවිධානය ක්‍රියා කර තිබුණා. මීට ප්‍රථමද ‌හමාස් සටන්කරුවන් සහ ඊශ්‍රායලය විසින් ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට ක්‍රියා කිරීම තුළින් ගාසා හී ආතතිය යම් ප්‍රමාණයකට හෝ සමනය වීම කෙරෙයි සුබවාදී බලාපොරොත්තු ඇතිකරගත හැකි බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් මත පල කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?