Latestදේශීය

රුපියල් 20,000කින් වැටුප් වැඩිකළ යුතුයි – උද්ඝෝෂණය අද

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවයි එහි කැදවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පවසන්නේ.

අද දහවල් 12ට එම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි.

සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?