Latestදේශීය

ආදිවාසීන් වෙනුවෙන් පනත් කෙටුම්පතක්

මෙරට ආදීවාසීන්ගේ නිදහස වෙනුවෙන් පනත් කෙටුම්පතක් සකස් කළ බව සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
මෙරට ආදිවාසීන් කණ්ඩායමේ අයිතීන් සහ නිදහස වෙනුවෙන් නීතිමය රාමුවක් පිළියෙල වී නොතිබුණු බව පැවසූ අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් නීතිමය රාමුවක් පිළියෙල කිරීම සිය අමාත්‍යංශයේ සහ අධිකරණ අමාත්‍යංශයේ මුඛ්‍ය කටයුත්තක් ලෙස සලකා මෙම පනත සකස් කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
විවිධ ආයතන ගණනාවක් සමග සම්බන්ධීකරණයෙන් පසු මෙම පනත් කෙටුම්පත සම්පාදනය කළ බවද යම් යම් තැන්වල පවතින බාධා ඉවත් කරමින් ආදිවාසීන්ට නිදහසේ සැරිසැරීමටත්, කණ්ඩායමක් වශයෙන් සංස්කෘතික දායාදයක් ලෙස සලකමින් එම කණ්ඩායම ඔවුන්ගේ උරුමයන්, සම්ප්‍රදායන්, හර පද්ධතීන් සහ වටිනාකම් තවදුරටත් රැකගැනීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එම පනත ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා මෙරට වනාන්තර විනාශ කරන්නේ ආදිවාසීන් නොවන බවද අවධාරණය කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *