Latestවිදේශීය

දශක ගණනාවකට පසු ජපානයට දරුණුතම සුළි කුණාටුවක්

දශක ගණනාවකට පසු ජපානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව ඊයේ උදෑසන දකුණු ජපානයේ විශාලතම දූපත වන කයුෂූ දූපතට කඩා වැදුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය. ‘ෂන්ෂාන්’ ලෙස නම් කර ඇති එම සුළි කුණාටුව ඊයේ උදෑසන කයුෂු දූපතට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ෂන්ෂාන් සුළි කුණාටුව කඩා වැදුණු බවත්, පැයට කිලෝමීටර් 216ක වේගයෙන් හමා ගිය සුළි කුණාටුව එම වර්ගයේ දරුණුතම දෙවැනි සුළි කුණාටුව බව එරට කාලගුණ විද්‍යා ඒකකය හඳුනාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊයේ දහවල් වන විට සුළි කුණාටුවේ බලපෑමෙන් මරණ තුනක් වාර්තා වී ඇතැයි ද, වර්ෂාව සහ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ නාය යෑමෙන් නිවාස 5ක පුද්ගලයන් සිරවී ඇතැයි ද ජපෑන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. පස්වරුව වන විට තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් තිබූ අතර, තවත් පුද්ගලයකු අතුරුදන්වී සිටි බවත් ජපෑන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය. ඊයේ පස්වරුව වන විට එම දූපතේ නිවාස 3909ක පුද්ගලයන් 8518 දෙනකු ඉවත් කිරීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් පියවර ගෙන ඇති අතර, සවස් කාලය වන විට ඉවත් කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව විසිදහසකට ආසන්න වූ බවත් වාර්තා වේ.

ෂන්ෂාන් සුළි කුණාටුවේ බලපෑමෙන් කයුෂූ දූපතේ නිවාස ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයකට විදුලි බලය විසන්ධි වී ඇතැයි ද, සුළි කුණාටුව වර්ධනය වීමත් සමඟ ජපානය පුරා දුම්රිය ගමන් වාර රැසක් සහ දේශීය ගුවන් ගමන් 794ක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. සුළි කුණාටුවට පෙර කයුෂූ දූපතේ ලක්ෂ 40ක පමණ ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *