විදේශීය

නිවාර් සුළි කුණාටුව තමිල්නාඩුවට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ”නිවාර් සුළි කුණාටුව” ඇතුළු වී ඇති බව වාර්තා වේ.

පැයට කිලෝමීටර 120 – 135ත් අතර වේගයෙන් සුළං හැමීමත් සමග ධාරාණිපාත වැසි තත්වයක් හට ගැනීමට ද හැකි බව ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කරයි.

5වන ඛාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් වන මෙම නිවාර් සුළි කුණාටුව හේතුවෙන් උද්ගතව ඇති තත්වය නිසා ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

පවතින සුළි කුණාටු තත්වය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසක අද (26) දින රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්  කර ඇති අතර අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපොළ සහ මෙට්‍රෝ දුම්රිය සේවා ද අත්හිටු වීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?