Latestදේශීය

ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටෙයි – 3 දෙනෙක් අතුරුදන්

ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් පමණ (කිලෝ මීටර් 501 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී නෞකාවක ගැටීමෙන් මුහුදේ පෙරලී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් ඊයේ දින (03) කටයුතු කෙරිණි.

ගාල්ල ධීවර වරායෙන් 2024 අගෝස්තු මස 25 වන දින ධීවරයින් හත් දෙනෙකු (07) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ලියාපදිංචි අංක IMUL – A- 0690 – GLE දරණ “නිහතමානි 01“ නමැති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී අද දින (2024 සැප්තැම්බර් 03) අළුයම එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කල නෞකාවක ගැටීමෙන් බහුදින ධීවර යාත්‍රාව එම මුහුදේ පෙරලී ආපදාවට පත්ව ධීවරයින් තිදෙනෙකු (03) අතුරුදහන්ව ඇති බවත්, එහි සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) “ලසන්ත 01“ නැමැති බුහුදින ධීවර යාත්‍රාව මඟින් මුදවා ගෙන මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින බවත්, ඉන් එක් ධීවරයෙක් අසාද්‍ය තත්වයේ සිටින බැවින් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම්දීමට, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, “ලසන්ත 01“ නැමැති බුහුදින ධීවර යාත්‍රාව මඟින් ගොඩබිමට රැගෙන එමින් සිටින ධීවරයින් පිරිස කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව පිටත් කර යැවීමට මෙලෙස කටයුතු සූදානම් කෙරිණි.

තවද, කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් දරණ “නිහතමානි 01“ ධීවර යාත්‍රාව අනතුරට පත්කරමින් යාත්‍රා කල විදේශීය නෞකාව හඳුනාගෙන, එම නෞකාවට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වෙළඳ නාවික ලේකම් කාර්යාලය (Merchant Shipping Secretariat) සමඟ අවශ්‍ය සම්බන්ධීකරන කටයුතු මේ වන විට නාවික හමුදාව සිදුකරමින් පවතියි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *