Latestදේශීය

අරුන්දික ස්වාධීන වෙයි

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි.

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසය.

වැඩිදුරටත් අදහස් දැක්වු අරුන්දික ප්‍රනාන්දු මහතා,

“අද රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දයට යනවා. ලක්ෂ 14ක් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම හෝදලා. රාජ්‍ය සේවකයින් ළඟ බොරුව වපුරලා. මේ රටේ කැරලි දෙකක් නිසා 1971 සහ 1989 දී. විශේෂයෙන් 89 දී 60,000ක් තරුණයින් විනාශ වුණා. උතුරෙත් එහෙමයි. ආදරණීය උතුරේ තරුණ පිරිසක් එල්.ටීටී.ඊ එක එක්ක රට විනාශකාරී තැනකට අරන් යන්න යද්දි විශාල තරුණ සංහාරයක් වුණා. දැන් ඉලක්කය තරුණයින්. සමාජ මාධ්‍ය ජාලා හරහා මේ විදියට තරුණයින්ගේ මනස විනාශ කරන තැනකට මේක අරගෙන යනවා. 

අපි අද ඉඳලා අපි බලනවා මේකේ දිනන්න බැරිනම් කථානායකතුමනි, දිනනවා ද ? පරදිනවා ද ? කියන ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි පැරදුනාට කියනවා නම් නැවත වතාවක් විනාශකාරී තැනකට ගේන්න අරගල කරන්න, පාර්ලිමේන්තු ගිනිතියන්න කතා කරනවා නම්, මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට මේ රට විනාශකාරී කණ්ඩායම පරාජයට පත්කරන්න පුළුවන්, අයත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මම කවදාවත් මම සජිත් ප්‍රේමදාස මහත්තයාව හම්බවෙලාවත් නෑ. අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි මේ වැඩ කරන්නේ සත්භාවයෙන්. මේ විනාශයෙන් වෙන වෙලාවේ මම අත්දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමයි ජනාධිපතිතුමයි එකතු වෙන්න. පුළුවන් නම් මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. මම අවසාන වශයෙන් එකක් කියනවා මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අශුද්ධ සංවිධානයට විරුද්ධව පරාජයට පත්කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා කියලා කියනවා.”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *