Latestවිදේශීය

පාප් වහන්නේ ලොව විශාලතම ඉස්ලාම් රාජ්‍යයේ සංචාරයක

වසර 35කට පසු ඉන්දුනීසියාවේ සංචාරය කළ තුන්වැනි පාප්තුමා ලෙස ඉතිහාසයට එක්වෙමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙරේදා දැඩි ආරක්ෂක රැකවල් මැද ඉන්දුනීසියානු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැය 13ක දීර්ඝ හා වෙහෙසකාරී ගුවන් ගමනකින් පසු පාප් වහන්සේ සිය ආසියානු කලාප සංචාරයේ පළමු ගමනාන්තයට ළඟාවූ අතර, ජකර්තා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී උන් වහන්සේ ඉතා උණුසුම් අයුරින් පිළිගත් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

සිය තුන්දින ඉන්දුනීසියානු සංචාරය අතරතුර පාප් වහන්සේ එරට ඉස්ලාම් ආගමික පූජකවරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණගැසීමට නියමිත බව ද වාර්තා වේ. ලොව විශාලතම මුස්ලිම් රට වන ඉන්දුනීසියාවේදී පාප් වහන්සේ වෙනුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන සකස් කර තිබූ බවත්, දසදහසකට ආසන්න පොලිස් සහ හමුදා නිලධාරීන් සේවයේ යොදවා තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *