Latestවිදේශීය

ඇමරිකාවේ සිසුවෙක් වෙඩි තබයි – 4 දෙනෙක් මියයයි

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පාසලකදී 14 හැවිරිදි සිසුවකුගේ වෙඩි ප්‍රහාරයකින් සිසුන් දෙදෙනක් සමඟ ගුරුවරයකු හා ගුරුවරියක ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් ගුරුවරයකු හා සිසුන් අටදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම පාසලේ වෙඩි තැබීමක් සිදුකරන බවට තර්ජනය කරමින් පසුගිය වසරේදී විද්‍යුත් තැපෑල හරහා විදුහල් බලධාරීන්ට අනතුරු ඇඟවීමක් සිදුවී ඇති අතර, එය සිදු කර ඇත්තේ පෙරේදා මේ වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකාර සිසුවා බවට තහවුරු වී තිබේ. එම විද්‍යුත් තැපැල් පණිවුඩය පිළිබඳ විමර්ශන කටයුතු සිදු කළ එෆ්බිඅයි බුද්ධි අංශයේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරිමේදි අදාළ සිසුවා එවකට එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබූ බව මේ වන විට හෙළි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සැකකාර සිසුවා විදුහල් පරිශ්‍රයේදිම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, බාලවයස්කරුවකු වුවද වැඩිහිටි පුද්ගලයකු ලෙස සලකා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *