Latestදේශීය

රුධිර පාරවිලයනයේදී රුධිරගතව බෝ විය හැකි විෂබීජ නැහැ

රුධිර පාරවිලයන ක්‍රියාවලියේදී රුධිරගතව බෝ විය හැකි විෂබීජ නොමැති බවට සුවිශේෂී ඉහල තාක්ෂණයෙන් යුතු පර්යේෂණ මගින් තහවුරු කරන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ 2024 වර්ෂය සඳහා ලෝක රුධිර දායකයන්ගේ දිනය තේමාව නිමිත්තෙන් පසුගියදා (04) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මැලේරියා, උපදංශය, හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී සහ එච් අයි වී ඒඩ්ස් යන රෝග පහ මගින් ඇතිවිය හැකි තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සුවිශේෂී ඉහලම තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ භාවිතා කරන බවද වැඩිදුරටත් පැවසුවේය.
රුධිර දායකයා නිරෝගීව පසු වන්නේද, ඔහුගේ චර්යා රටා සහ ඔහු ඉහත රෝග වලට ගොදුරු වීමේ අවධානමක් පවතීද යන්න සම්බන්ධවද සුවිශේෂී ආවේක්ෂණයක් සිදුකරන බවද ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙය ලෝකයේ දියුණු පද්ධතීන් සෑම එකක්ම භාවිතා කරන විශ්වාසනීයම ක්‍රමය බවද අදාල රටෙහි වසංගතවේදී තත්ත්වය මෙයට බලපාන බවද කිසියම් රටක එච් අයි වී ඒඩ්ස් පවතින ප්‍රතිශතය 4% ක 5%ක මට්ටමක පවතී නම් ස්වෙච්ඡා දායකයෙකුගේ රුධිරය ලබාගැනීමේදී යම් අවධානමක් පවතින බවද පැහැදිලි කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *