Latestදේශීය

රනිල් සටන පාවාදීලා අත්හැරියා – කරූ පරණවිතාන

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිව්රුම් දුන් රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන සමග අන්තර්ජාල නාලිකාවක් විසින් සිදුකළ සාකච්ඡාවකි මේ.

කරු පරණවිතානගේ දේශපාලන ඉතිහාසය ගත්තහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පටන් අරගෙන එක්සත් ජාතික පක්ෂයෙ ඉඳල, දැන් ඔබ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්වෙන්නෙ. ඒ අතරම ඔබ එක්සත් ජනරජ පෙරමුණෞ දේශපාලන මණ්ඩල සභාපති. කව්රුහරි චෝදනාවක් කලොත් ඔබට දේශපාලන ප්‍රතිපත්තියක් නැහැ කියල ඔබ දෙන පිළිතුර කුමක්ද?

මගේ ඉතිහාසය ගත්තොත් මම ශිෂ්‍ය ව්‍යාපාරයෙ ඉඳල දේශපාලනයෙ හිටපු කෙනෙක්. කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් විදිහට ඉන්න ඒ කාලෙ ඉඳලම මගේ දේශපාලනයේ පදනම තමයි මම ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ආර්ථික දේශපාලනය තුළ කියනවනම් මගේ  ප්‍රතිපත්තිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. එතකොට ඒ ප්‍රතිපත්තියට අනුව තියෙන තැන තමයි මම හොයා ගන්නෙ. දේශපාලනය කියන්නෙ වෙනස් වෙන එකක්. ඔිනම කෙනෙක් වෙනස් වෙනව. ඒ කියන්නෙ වෙනස් වෙන ලෝකයත් එක්ක මම වෙනස් නොවී හිටියොත් මම වඳ වෙලා යනව. වෙනස් වෙන ලෝකයත් එක්ක යහපත් ලෙස වෙනස් වීම තමයි අවශ්‍ය වෙන්නෙ.

90 ගණන්වල අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක් තිබුණ. අපි ඒ කාලේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් එක්ක ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ඉස්සරහට ගියා. ඒක එක්සත් ජනතා නිදහස් සන්දානය දක්වා අපේ සටන ගියා. ඒ මැතිවරණය ජයග්‍රහණය කෙරුවා අපි ඇතුළු විශාල කණ්ඩායමක් එක්ව.

ඊට පස්සෙ 2010න් පස්සෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාකලාපයත් එක්ක අපිට එක්ව වැඩකරන්න බැරි උනා, විශාල මංකොල්ලයක් ඒක. ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ තිබිච්ච මානවවාදී පදනම පාදරඩකරණයට ලක්කලා. ඒ නිසා අපිට සිද්ධඋනා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග එළියට එන්න. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක එළියට ආවට එතුමා ඒ ගමන අරගෙන ගියේ නැහැ. එනිසා ඒ ඡන්දෙදි එතුමා නැවත වතාවක් නාමයෝජනා බාරගැනීම බාරදුන්න මහින්ද රාපක්ෂට.

එනිසා අපි කණ්ඩායමක්.. මම, පාඨලී චම්පික රණවක, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග වගේ.. අපි  එක්සත් ජාතික පක්ෂය එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරල එක්සත් ජාතික පෙරමුණෙන්  ඒ මැතිවරණයට ඉදිරිපත් උනා.

ඊට පස්සෙ 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ අර පොහොට්ටු රැල්ල එන කාලෙ අපි සමගි ජන බලවේගයට අර පදනමින්ම එකතු උනා.

දැන් නැවත වතාවක් ඒ වගේ ව්‍යාජ රැල්ලක් මතුවෙලා තියෙන වෙලාවෙ, එරට ඉස්සරහ තියෙන අනතුර අපි දැකල අපි නැවත වතාවක් ඒ සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට උදව් කරන්න වැඩ කරනවා.

අපි දැන් ඉන්නෙ එක්සත් ජනරජ පෙරමුණේ. ඒක අලුත් දේශපාලන පක්ෂයක්. මොකද අපි විශ්වාස කරනව රටට අලුත්, ප්‍රජාත්ත්‍රවාදය ආරක්ෂා කරන ප්‍රායෝගික ආර්ථිකයක් ගොඩනගන නව ජනරජවාදයක් අවශ්‍යයි කියල.ඉතිං ජනරජ පක්ෂය තමයි අපේ පක්ෂය. මේ මැතිවරණයෙදි සමගි ජන සන්දානය එක්ක එකට වැඩ කරනවා.

මගේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදිහට සරසවි හිටපු කාලෙ ඉඳල ඒ පදනම් ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ.

වර්තමාන ජනාධිපතිතුමා ලඟටත් කට්ටිය ගිහින් තියෙනව විවිධ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන. ඔවුන් කියනවා ඔවුන් රට වෙනුවෙන් ගියේ කියල. අර්බූධය තියෙන වෙලාවක රට බාරගෙන යම්කිසි ස්ථාවරත්වයකට ගෙනාව. ඒනිසා රට වෙනුවෙන් ඔවුන්ගෙ ප්‍රතිපත්තිය වෙනස් කලා කියල ඔවුන් කියන්නෙ.

මෙහෙමයි එක් එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. අපි බලන්න ඔින කියන වචනවලට වඩා භාවිතාවේ තියෙන දේ.

දැන් ඇත්තටම මේ වර්තමාන ජනාධිපතිතුමා අර්බූධය තියෙන වෙලාවේ අගමැති ධූරයත් පස්සෙ ජනාධිපති ධුරයත් බාරගත්ත. බාර අරගෙන කව්රුවත් ඒකට විරුද්ධ උනේ නැහැ. එතුමා කරගෙන යන වැඩ පිළිවෙලටත් ලොකු විරෝධතාවයක් උනේ නැහැ. එතුමා IMF වැඩපිළිවෙලට එකතු වීම හොඳයි. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න ගිහිල්ල විශාල ජාවාරම්කාර පංතියකට විශාල වශයෙන් සහන සපයල දුප්පතුන්ගෙ බෙල්ල මිරිකුව. බදු බර, ණය බර, ජීවන බර අද දුප්පතා මතට පටවල තියෙනවා. ඒ ආර්ථික තලයෙ.

දෙවනුව ගත්තම ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, මැතිවරණ ඇකිලීම, ඉතාම නරුම අත්තනෝමතික ක්‍රියාදාමයකට එතුමා යන්න සැරසුනා. උසාවිය පවා කිව්ව එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු, මානව හිමිකම් කඩකරපු ජනාධිපතිවරයෙක් කියල. එතකොට රටක් වෙනුවෙන් කොහොමද එහෙම නායකයෙක් වැඩ කරන්නෙ?

අද වෙද්දි එතුමා වටා කට්ටිය එකුත් උනේ, එතුමා බලාපොරොත්තුවක් දුන්නා මේ එළැඹෙන ජනාධිපතිවරණය එතුමා ජයග්‍රහණය කරනව කියල.සමහර විශේෂඥයො කොහොමද රනිල් දිනන්නෙ කියල ගණන් හද හදා පෙන්නුවා.

ඊයෙ වෙනකොට එතුමා මොකද කියන්නෙ? ඊයෙ වෙනකොට එතුමා කියනව සජිත්ට අනුරව පරද්දන්න බෑ කියල. එතුමා කියනවද එතුමාට පුළුවන් කියල. කියන්නෙ නැහැ. සටන අතෑරලා තියෙන්නෙ…

@slleader.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *