Latestදේශීය

කුකුළෙක්, ප්‍රතිමාවක් සහ 4ක් අත්අඩංගුවට

කටුගස්තොට පොලිසියේ නිලධාරීන් පිරිසක් කුරුණෑගල මහනුවර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී සිදු කළ වාහන පරීක්ෂාවකදී අඩි එක හමාරක් පමණ උසැති රන්පැහැ දේව ප්‍රතිමාවක් හා කුකුළකු රැගෙන බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) පස්වරුවේ පොලිස් නිලධාරීන් පිරිස පුත්තලම සිට මහනුවර දක්වා ගමන් ගන්නා බස් රථයක් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මේ සිව්දෙනා අත්අඩංගුනවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස පුත්තලම, මුන්දලම,වනාතවිල්ලුව හා උඩප්පුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මේ පිරිස සතුව තිබුණු දේව ප්‍රතිමාව නිධානයකින් ලබාගත් එකක්ද යන්නත් එහි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇත්දැයි යන්නත් අධිකරණයේ අවසරය මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරුවන් අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කටුගස්තොට පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ආර්.සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත (උ.පො.ප) හේරත්, පො.සැ. (43364) පද්ම ශාන්ත, පො.සැ. (11378) සම්පත්, පො.කො. (103977) විරාජ් ඇතුළු පිරිසක් විසින් මේ පිරිස හා දේව ප්‍රතිමාව අත්අඩංගුවට ගෙන තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *