දේශීය

මුව ආවරණ නොමැතිව සිටි 14කට කොවිඩ්

බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපළඳින ලද පුද්ගලයින් 1,060 ක් පමණ ඊයේ (05) 1,060 ක් පමණ පරීක්ෂාවට ලක්කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඉන් 550 ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අනෙක් 510 දෙනා PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි.

ඒ අතරින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැත.

දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සහ මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් ඊයේ බස්නාහිර පළාතට අමතරව දිවයිනේ අනෙකුත් පළාත්වලදී සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මස 30වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 2,253දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත සහ අනෙකුත් පළාත් ආශ්‍රිතව මෙම මෙහෙයුම් අද (06) දිනයේද සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

ඔවුන්ට නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට අමතරව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණද සිදු කිරීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?