Latestක්‍රීඩාදේශීය

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව සමඟ පැවැ­ත්වෙන තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය සඳහා නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යම අද පෙර­ව­රුවේ ශ්‍රී ලංකා­වට පැමි­ණි­යේය. අයි­සීසී ටෙස්ට් ශූර­තා­ව­ලි­යට අයත් මෙම ටෙස්ට් තර­ගා­ව­ලිය සැප්තැ­ම්බර් 18දා ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආර­ම්භ­ වන අතර, මේ 21 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සුම වෙනු­වෙන් 21 වැනිදා නිවාඩු දින­යක් ප්‍රකා­ශ­යට පත්කොට ඇත.

පළමු ටෙස්ට් තර­ගය අත­ර­තු­රදී ලබා­දෙන විවේක දින­යේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩ­ක­යින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කොට එදි­නම පස්ව­රුවේ යළි කණ්ඩා­යම සමඟ එක්වන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව දෙපිල අතර පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තර­ග­යට දින 6ක් වෙන් කර ඇත. දෙවැනි ටෙස්ට් තර­ගය මේ මස 26 දා සිට 30දා දක්වා පැවැ­ත්වී­මට නිය­මි­තය.

ශ්‍රී ලංකාව සහ නව­සී­ල­න්තය අව­සන් වරට ශ්‍රී ලංකා­වේදී හමුවී ඇත්තේ ‍2019 වස­රේදී එස්එස්සී හා ගාල්ල පිටියේ පැවැති ටෙස්ට් තරග දෙකේ­දීය. එහිදී තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සම තත්ත්ව­යෙන් නිමා­වට පත් විය. පසු­ගිය වසරේ නව­සී­ල­න්ත­යේදී තරග 2කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය 2-0ක් ලෙස නව­සී­ල­න්තය ජය ගත්තේය. මෙතෙක් දෙරට අතර, ටෙස්ට් තරග 39කදී නව­සී­ල­න්තය තරග 18ක් ජය­ග­නිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය වාර්තා කළේය. ටෙස්ට් තරග 11ක් ජය පරා­ජ­යෙන් තොරව නිමා­වට පත් විය.

ශ්‍රී ලංකා සංචා­ර­යට පෙර පසු­ගිය සතියේ නව­සී­ලන්ත පිල ඉන්දි­යාවේ ග්‍රේටර් නොයි­ඩා­හිදී ඇෆ්ග­නි­ස්තා­න­යට එරෙහි ටෙස්ට් තර­ග­ය­කට එක්වු­වද, එකදු පන්දු­වක් හෝ යැවී­මට නොහැ­කිව තර­ගය අත්හැ­ර­දමා ශ්‍රී ලංකා සංචා­ර­යට පිටත් වූවේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩා­යමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නව­සී­ලන්ත කණ්ඩා­යමේ දඟ පන්දු යැවීමේ පුහු­ණු­කරු ලෙස පත්කර ඇති අතර, ඔහු ශ්‍රී ලංකා­වට එරෙහි ටෙස්ට් ටෙස්ට් ශූර­තා­ව­ලි­යේදී දාය­ක­ත්වය ලබාදේ.නව­සී­ලන්ත කණ්ඩා­යමේ පිති­ක­රණ පුහු­ණු­කරු ලෙස හිටපු ඉන්දීය පිති­ක­රණ පුහු­ණු­කරු වික්‍රම් රතූර්ද කණ්ඩා­යම සමඟ ශ්‍රී ලංකා­වට පැමිණේ.

****

පළමු ටෙස්ට් ගැටුමේ දොර­වල් ඇරෙයි

ශ්‍රී ලංකාව හා නව­සී­ල­න්තය අතර ගාල්ලේදී පැවැ­ත්වී­මට නිය­මිත ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු තර­ගය නොමිලේ නැර­ඹීමේ අව­ස්ථාව ප්‍රේක්ෂ­ක­යින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදා­නම් වෙයි. ගාලු ක්‍රීඩාං­ග­ණයේ දොරටු අංක 4 ඔස්සේ ප්‍රේක්ෂ­ක­යින්ට ඇතු­ලු­වීමේ අවස්ථා ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ඊයේ නිවේ­ද­නය කළේය.

ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලි­යට අයත් මෙම තර­ගා­ව­ලියේ පළමු තර­ගය මේ 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැ­ත්වී­ම­සට නිය­මි­තය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *