Latestදේශීය

කොටස් වෙළදපොල ඉහළයන හේතුව වසන්ත අතුකෝරළ පවසයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයන් තබා ඇති විශ්වාසය කොටස් වෙළඳ පොළේ මිළ දර්ශකය ඉහළ යාමට හේතු වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

කොටස් වෙළඳ පොළේ දර්ශක අගයන් එලෙස ඉහළ යාම සාධනීය තත්වයක් වන බවත් කොටස් වෙළඳ පොළ අගයන් රටේ ආර්ථික, දේශපාලනික ස්ථාවර තත්වය මත රැඳී පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී බලයට පත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි ව්‍යාපාරිකයන් දැඩි විශ්වාසයක් තබා ඇති බවත් ව්‍යාපාරිකයන් කොටස් වෙළඳ පොළ තුළ ආයෝජනය කිරීමට වෙනදාටත් වඩා වැඩි විශ්වාසයකින් කටයුතු කරන බවත් මහාචාර්යවරයා සඳහන් කරයි. මෙම තත්වය දීර්ඝ ලෙස පවත්වාගැනීමට කටයුතු කළ යුතු බවත් එසේ නොවුන හොත් යළි කඩා වැටීමකට ලක් විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීමක්ද සිදු කරයි.

එමෙන්ම විදේශීය ආයෝජකයන් කොටස් වෙළඳ පොළට ආකර්ශනය කර ගැනීමට අවධානය යොමුවිය යුතු බවත්, එමගින් විදේශීය මුදල් වැඩි වශයෙන් රටට ලැබීම සහ කොටස් මිළ දර්ශන අගයන් තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *