Latestදේශීය

කර්මාන්ත 263,000ක් වැහිලා – වසන්ත අතුකෝරළ

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් (263,200) පසුගිය වසර හතරක කාලයේදී (2019 සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

පසුගිය 2019 වසර ආරම්භ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා දහතුන් ලක්ෂ තුන්සීයක් (1,300,300) පැවැති නමුත් 2022 අවසන් වනවිට එම සංඛ්‍යාව දස ලක්ෂ තිස් හත්දාස් එකසියක් (1,030,100) දක්වා පහළ වැටී තිබූ බව එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

මින් කර්මාන්තශාලා දෙලක්ෂ හාරදහස් එකසීයක් (204,100) ස්ථිර ලෙසද කර්මාන්තශාලා පනස් නවදහස් එකසියයක් (59,100) තාවකාලික ලෙසද වසා දමා ඇති බව ඔහු පවසයි.

මෙසේ වසා දමා ඇති කර්මාන්ත අතර දෙලක්ෂ පනස් හතර දහස් හත්සියයක් (254,700) ක්ෂුද්‍ර කාණ්ඩයට අයත් ඒවා බවත් මීට අමතරව කුඩා කර්මාන්ත 7,300ක්ද මධ්‍යම කර්මාන්ත 1,100ක්ද වැසී ගොස් ඇතැයිද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩිදුරටත් පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?