Latestදේශීය

අපරාධමය සිදුවීම් 7ක විමර්ශන කඩිනමින් අරඹයි

පසුගිය කාලයේ රට තුළ සිදු වූ මූල්‍ය අපරාධ, ඝාතන සහ අතුරුදහන්කිරීම ඇතුළු විශේෂ අපරාධමය සිදුවීම් 07කට අදාළ විමර්ශන කඩිනමින් ආරම්භ කරන ලෙසත් එම විමර්ශන සඳහා අවශ්‍ය නිලධාරීන් යොදවන ලෙසත් දන්වමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් වැඩබලන පොලිස්පති වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව විසින් මාධ්‍යවෙත අනාවරණය කළ අතර එම අනාවරණය අනුව මෙලෙස කඩිනමින් ආරම්භ කර ඇති විමර්ශන වන්නේ,

01. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශනය.
02. පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද විමර්ශනය.
03. දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාළ විමර්ශනය. (මෙතෙක් අනාවරණය වී ඇත්තේ සියදිවි නසා ගැනීමක්)
04. 2007 වසර්ශයේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුභ්‍රමුනියම්ගේ අතුරුදහන් වීමට අදාළ විමර්ශනය.
05. 2023.12.31 වෙනි දින වැලිගම W15 හෝටලය ඉදිරිපිටදී වැලිගම පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකදී පොලිස් කොස්තාපලවරයෙක් මිය යාම පිළිබඳ විමර්ශනය.
06. මාධ්‍යවේදී භාරතී ශිවරාම් (ධර්මරත්නම් ශිවරාම්) මරණයට අදාළ විමර්ශනය.
07. ලලිත් කුමාර් සහ කුගන් මුරුගනාදන් දෙදෙනාගේ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනය.

පස්කු ප්‍රහාරයට අදාළව වැඩිපුර අවශ්‍ය නිලධාරීන් යොදවා කඩිනමින් විමර්ශන සිදු කිරීමටත් එහි මෙතෙක් පැවති විමර්ශණනවල අඩුපාඩු නිරීක්ෂණය වන්නේනම් ඒ පිළිබඳවද විමර්ශනය කරන ලෙසත් විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිට නියෝගක කර තිබේ.

මාධ්‍යෙව්දී භාරතී ශිවරාම් (ධර්මරත්නම් ශිවරාම්) 2005.04.28 දින බම්බල පිටිය පොලිස්ථානය ඉදිරිපිටදී පැහැරගැනීමකට ලක් වූ බවට වාර්තා වී තිබූ බව මෙහිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කරයි.

එමෙන්ම ලලිත් කුමාර් සහ කුගන් මුරුගනාදන් දෙදෙනා සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වන්නේ ඔවුන් දෙදෙනා යාපනයේදී ප්‍රදේශයේදී 2011.12.09 වනදා අතුරුදහන් වූ බවට ලැබුණු පැමිනිල්ලක් මත යැයිද ඔහු අනාවරණය කරයි.

මෙම උක්ත විමර්ශන කඩිනමින් ආරම්භ කර එහි ප්‍රගතිය පිළිබඳ කඩිනමින් වාර්තා කරන ලෙසද වැඩබල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් නියෝග කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *