විදෙස් ගමන් බලපත්‍රය නව ක්‍රමවේදයකට
විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සදහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවේ ලබන 06 වැනිදා සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
එහිදී, නොවැම්බර් මස අවසාන වනතෙක් ගමන් බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන්දිෙන ලබා දී තිබෙන අතර නව ක්‍රමවේදය යටතේ දෙසැම්බර් මස මුල සිට ඒ සඳහා දිනයක් වෙන්කර ගත හැකි බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර 33,000ක සංචිතයක් පවතින අතර, ඉදිරියේදී හත්ලක්ෂ 50,000ක පමණ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙන බවද ඇය සඳහන් කළා.
Please follow and like us: