Latestදේශීයමතවාද

අප මේ ගමන්කරමින් සිටින්නේ කුමන ඉසව්වකටද?

(ක‍්‍රිස්ටෝෆර් ගාඩිනර්)

මා වෙසෙන්නේ කළුතර දිස්ත‍්‍රික්කයේ කළුතර නගරය සහ අළුත්ගම සංචාරක නගරයට මැදිව පිහිටි මග්ගොන නම් සුන්දර ග‍්‍රාමයේයි. මා මේ කියන්නට සැරසෙන්නේ නොවැම්බර් මස 12 වන දින සවස 7 ට හෝ ආසන්න වෙලාවක මග්ගොන ග‍්‍රාමයේ සාන්ත පේදුරු මාවතේ සිදුවූ මැතිවරණ නීති උල්ලංගනය කිරීමක් සම්බන්ධවයි.

නොවැම්බර් මස 12 වන දින සවස 7 ට හෝ ආසන්න වෙලාවක මා නගරය බලා යන්නට මගේ නිවසින් එලියට එන විට දැකපු සිදුවීම ගැන මා හට ඇති කලේ අධික කලකිරීමකි. මන්ද එදිනට පෙර දින මධ්‍යම රාත‍්‍රී 12 ට සියළුම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු අවසන් කල යුතුව ඇත. එය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාපිතව පැමිණෙන නීතියක් බව කොයි කවුරුත් දන්නා කරුණක් මෙන්ම කොයි කවුරුත් පිළිපැදිය යුතු නීතියකි.

අපි සිතා සිටින ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය වටා එක් රැස් වූ පිරිස නීතියට ගරු කරන, විනය ගරුක, ශිෂ්ඨ සම්පන්න පිරිසක් ලෙස මුළු රටක් පිළිගනිමින් සිටින අවස්ථාවක මෙවැන්නක් දැක ගැනීමට ලැබීම හරීම අවසනාවන්ත සිදුවීමකි.

ජාතික ජන බල වේගයේ වත්මන් නායක ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා තම පාක්‍ෂිකයන් හට කෙසේ කීවත් සමහර පිරිස් එය තඹ දොයිතුවකටවත් ගණන්ගන්නා බවක් පෙනෙන්නටවත් නැත. ඔවුන් මැතිවරණ නීති අමු අමුවේම උල්ලංගණය කරණු මම ඇස් දෙකටම දැක ගත් බව කිව යුතුය. ඒ ඔවුන් මැතිවරණ දිනයට පැය 72 පෙර සියළුම මැතිවරණ ප‍්‍රචාර කටයුතු අවසන් වීමට නිමිතව ඇතත්, එය අවසන් වී දිනකට පසු ජාතික ජන බලවේගයට අයත් පෝස්ටර් වීදිය පුරා අලවමින් බොහොම සැහැල්ළුවෙන්, වීර ක‍්‍රියාවක නිරතවන බව මා දුටු නිසාය. එම සිදුවීම සුළුපටු ලෙස නොසිතිය යුතුය. මන්ද එය ශ‍්‍රී ලංකා මැතිවරණ නීතියේ එන මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු පිළිබඳව ක‍්‍රියාත්මකවන ප‍්‍රබල නීතියක් වන හෙයිනි. එය උල්ලංගනය කිරීම දණ්ඩ නීති සංග‍්‍රහයේ දඬුවම් ලැබිය හැකි සහ බන්ධනාගාර ගත කල හැකි වදරකි.

ඒ කෙසේ වෙතත් මා මේ සිදුවීම දකින්නේ වෙනස්ම කොණයකින් වීම ප‍්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙම මැතිවරණ නීතිය උල්ලංගනය කිරීම සුළුපටු ලෙස සිතිය නොහැක. මන්ද මාගේ මේ අදහස අනාගත ජාතික ජන බලවේගයේ උන්නතියට සෘජු සේ බලපාන කාරණයක් වන බව මා හට හැෙඟන නිසාය.

අප දන්නා දේශපාලනික රැල්ල දැන් දැන් ජාතික ජන බලවේගය සතුය. රැල්ල එසේ නම් ඒ වටා රැස්වෙන පිරිස්ද එසේය. මන්ද පාරම්පරික පටු ආකල්ප සහිත පක්‍ෂ විපක්‍ෂ දේශපාලන ක‍්‍රමයක සිරවී සිට, රැල්ලට ගොඩ ගසා රැල්ලටම විසිරෙන පිරිස්, සමාජයේ කැපී පෙනෙන්නට හෝ තමන්ගේ පෙර ත‍්‍රාඩ, තුච්ඡු, අවනීතිය රජ කල පටු ආකල්ප සහිත සමන් සතු දේශපාලන සංස්කෘතිය ඔවුන් විසින් ජාතික ජන බලවේගයේ සංස්කෘතියට ආදේශ කරමින් සිටින බව දැක ගත හැකිය.

එය නවතා දැමිය යුතුව ඇත. නව යුගයක ආරම්භයේ සිටින මේ සුන්දර රටේ, නව දේශපාලන ආගමනය අප විසින්ම රැක ගත යුතුව ඇත. මෙවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් පක්‍ෂය තුලින්ම ක‍්‍රියාමාර්ග ගත යුතුය. නැතහොත් පෙර ජනපති ගොඨාභය රාජපක්‍ෂට අත්වූ ඉරනමම ජනපති අනුර කුමාරට අත්වනු අති බව කිව යුතුව ඇත.

එවැන්නත් සිදුවීමට පෙර ජාතික ජන බලවේගයට එක් වූ පිරිස් හට ස්වයං විවේචන, ස්වයං චරිත පාලනය, හික්මීම, නීතිගරුක බව තේරුම් කරදීමට ප‍්‍රාදේශීය හෝ කොට්ඨාශ මට්ටමින් කුමක් ක‍්‍රියා මාර්ගයක් ගත යුතුව ඇත.

රටට ජය ගෙනෙන හෙටකට අද සිට ලෑස්තිවෙමු. නීතිගරුක රටක වෙසෙන පෙර ගමන්කරුවෙකු වන්නට උත්සහ ගනිමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *