Latestදේශීයමතවාද

සුජීව සේරසිංහට නීතිය ක්‍රියාත්මක වන අයුරු විමසිල්ලෙන් බලා සිටිමු

(ක‍්‍රිස්ටෝෆර් ගාඩිනර්)

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්‍ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේ ගාල්කර තිබූ ටොයොටා ලෑන්ඞ් කෲසර් වී8 රථය, ඔහු පවසන පරිදි එම වාහනය නීති විරෝධී වාහනයක් නොව එය ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයේ සිටින කාලයේ ඔහුට හිමි වාහන පර්මිටි එක උපයෝගී කරගෙන ගත් වාහනයක් බවයිි.

මෙම වාහනය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර ඇත්තේ 2022 වර්ෂයේ පෙබරවාරි මස 02 වනදා බවත්, එම කාල වකවානුව තුල ඔහු පාර්මේන්තු මන්ත‍්‍රී වරෙයක් නොවන බවත් කිව යුතුය. එසේ නම් එම කාලවකවානුවේ දී මොහුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙකුට හිමි වාහන පර්මිට් එකක් ලැබුනේ කෙසේද යන්නත් සොයා බැලිය යුතු නොවන්නේද. එසේ නම් අප හට ගම්‍ය වන්නේ සුජීව සේනසිංහ අතේ පත්තුවෙන කෙප්පයක් ඇදබාන බවයි. එසේ නම් ඇත්තටම ඔහු එය මන්ත‍්‍රී වරප‍්‍රසාද යටතේ ගත් වාහනයක් නම් මේ වන විට ඔහුට එම වාහන පර්මිට් එක ලැබුනේ කේසේද යන්න සවිස්තරාත්මකව ඉදිරිපත් කල යුතු කරුණක් වන්නේය.

තවද මෙම වාහනයේ සැබෑ අයිතිකරු සුජීව සේනසිංහ නොවන බවත් මේ පිළිබඳව සොයා බැලීමේදී ඒත්තු ගැන්වෙන මූලික කාරනයක් බව දැනගන්නට ඇත. මෙම වාහනයේ මුල් අයිතිකරු වන්නේ ජෙයරත්නම් ශ‍්‍රී රංගා යන දෙමළ ජාතිකයෙක් බව තතු දත් ආරංචි මාර්ග පවසයි. ජෙයරත්නම් ශ‍්‍රී රංගා යනු 2010 සිට 2015 දක්වා කාලය තුල මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවතුල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන අතර ඔහු සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී ජේ. සී. රංගා නමින්ද හඳුන්වයි.

මෙම වාහනය මන්නාරම ප‍්‍රදේශයේදී අධිකවේගය පාලනය කරගැනීමට නොහැකිවීම නිසා අනතුරක් සිදුවී ඇත, එම අනතුරෙන් පුද්ගලයෙකු මිය ගිය බවත් දැනගන්නට ඇත. වාහනයද කණ්ඩෙම් වී ඇත. කෙසේ හෝ අණ්ඩු බලය පෙන්වා වාහනය මන්නාරම උසාවියෙන් නිදහස් කර ගෙන කොළඹට රැගෙන එන අතර එය කොළඹ ඩාලි පාරේ සිරස ආයතනයට අයත් වාහන අංගනයක ගාල්කර ඇත.

2021-2022 කාල වකවාණුව තුල ජේ. සී. රංගා ගෙන් මෙම කණ්ඩෙම් වූ වාහනය සුජීව සේනසිංහ විසින් ලබාගෙන ඔහුගේ හිතවතෙකු මාර්ගයෙන් කුරුණෑගල ප‍්‍රදේශයේ වාහන අළුත්වැඩියාකරන ස්ථානයකදී මෙම වාහනයේ චැසි අංක සහ එන්ජින් අංක උපයෝගී කරගෙන මේ කියන වාහනය එකලස් කර ඇති බව කියවේ.

මෙන්න මේ ආකාරයෙන් තමයි ජේ. සී. රංගාගේ වාහන අංක වලින් සුජීව සේනසිංහගේ හොර මගඩි වාහන කල එලි දකින්නේ. මෙම වාහනය ලියාපදිංචි කලත් නොකලත් මෙම ටොයොටා ලෑන්ඞ් කෲසර් වී8 රථය හොර පාරෙන් එකලස් කල වාහනයක් බව කිව යුතුමය.

තව ඉදිරියට අප රට තුල මෙවැනි වාහන පුවත් සිය ගණන් ඇන ගැනීමට හැකිවනු ඇත. ඔබට අපට පොඩි හෝ වරදක් සිදුවූ විට දඬුවම් ලැබෙන් ඇත. එසේ නම් මෙවැනි අති දූෂිත ක‍්‍රියා සඳහා ලැබෙන්නේ මොන ආකාරයේ දඬුවමක් දැයි අප බලයලත් නිළදරයන්ගෙන් විමසා සිටිමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *