දේශීය

බලා සිටිමි

මෙවර මැතිවරණයට තරග කර මනාප 111,137ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා ඇත.

තමන් මේ වන විට වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගෙන ඇති අතර එහි අග්‍රඵලය ලබන්නට නිහඩව ටික කලක් බලා සිටින්නට තීරණය කළ බව එම සටහනෙහි අන්තර්ඝතය වී ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්ඩායම් නායක රොෂාන් රණසිංහ මහතා මෙවර මැතිවරණයෙන් දෙවන ස්ථානය හිමි කරගෙන ඇති අතර මෛත්‍රීපාල  සිරිසේන මහතා හා රොෂාන් රණසිංහ මහතා අතර පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රථමයා වීම සදහා එලිපිට සටනක් පැවතිණි.

පසුගිය (12) දා මහනුවර මගුල් මඩුවේදී අමාත්‍යවරු දිවුරුම් දුන් අතර එහිදී රොෂාන් රණසිංහ මහතා හට  ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය හිමිවිය. මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිකරගත් සිරිපාල ගම්ලත් මහතා හට මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරයත්, සිව්වන ස්ථානය හිමිකරගත් අමරකීර්ති අතුකෝරළ මහතා හට පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිධූරයත් හිමිවිය.

දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමිකර ගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට කිසිදු අමාත්‍යධූරයක් නොලැබීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්විය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් සටහන තුළින් ඉදිරිකාලයේ යම් තනතුරක් පිළිබද බලාපොරොත්තුවක් ඔහු තුළ ඇති බව කියවේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?