Latestදේශීය

රාජ්‍ය සේවකයින් ලක්ෂ 15කට බරපතලයි

පසුගිය වසරේදී රාජ්‍ය අංශයේ සමස්ත සේවකයන්ගේම ජීවන තත්වය 17.5%කින් කඩා වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ඊයේ (25) නිකුත්කරන ලද වාර්ශික ආර්ථික විවරණය 2023 නම් වාර්තාවේ අඩංගු දත්තවලින් මේ බව හෙළි වේ.

පසුගිය 2022 වසරට වඩා 2023 වසර පුරාම රාජ්‍ය අංශයේ සේවකයන්ගේ නාමික වැටුප කිසිදු වැඩිවීමක් සිදු වී නැත. එහෙත් ඒ අතර 2022 වසරට වඩා 2023 වසර තුළදී මූර්ථ වැටුප (යම් නිශ්චිත මුදලකට ලබා ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය 2022 වර්ෂයට වඩා 2023 වර්ෂයේදී බිඳවැටීම) 17.5%කින් කඩා වැටී තිබේ.

මේ අතර පෞද්ගලික අංශයේ මූර්ථ වැටුප කඩා වැටී තිබෙන්නේ 7.1%කින් ය. එසේම 2023 වසර තුළදී එම අංශයේ නාමික වැටුප 11.4%කින් ඉහළ ගොස් ඇත. මෙයින් අදහස් කරන්නේ පෞද්ගලික අංශය යම් තරමකින් හෝ වැටුප් ඉහළ දමා ඇති බවයි. එහෙත් රාජ්‍ය අංශයේ වැටුප් හෝ දීමනා 2023 තුළදී කිසිදු ඉහළ දැමීමක් සිදු කර නැත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?