Latestදේශීය

ශ්‍රී ලංකන් සේවකයින් 6000කට රැකියා අහිමි වෙයි?

දිගින් දිගටම පාඩු ලබමින් ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉක්මනින්ම ප්රතිව්යුහගතකරණයට ලක් නොකළහොත් එහි සේවය කරන සේවකයන් 6,000කගේ පමණ රැකියා අහිමි වනු ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ගුවන් සේවාව තවදුරටත් නඩත්තු කිරීමට රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත් ඒ වෙනුවෙන් ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීම අසාධාරණ බවත් හෙතෙම කියා සිටී.

දැනටමත් මෙම සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාල කටයුතු සිදු කරමින් පවතින බවද පැවසූ ඔහු ඉතා විනිවිද බවකින් යුතුව ඒවා සිදු කිරීම රජයේ අරමුණ බවත් කියා සිටියේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?