Latestදේශීය

DSI අධ්‍යක්ෂකවරයකු පොලිස් අත්අඩංගුවට

මෙරට ප්‍රධානතම පාවහන් නිෂ්පාදන සමාගම් DSI ආයතනයේ අධ්‍යක්ෂකවරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එහි හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයෙකුද වෙයි.

එ් පසුගිය 22 වැනි දා බොරැල්ල හරස් පාරේ පිහිටි ඔහුගේ නිවසට වෙඩි තැබීමක් සම්බන්ධයෙනි.

ඒ සමග හමුදාවෙන් පලාගිය සෙබළකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෙඩි තැබීම ගැන පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම මුදල් ගෙවා සිදුකරගන්නා ලද්දක් බවයි.

ඔහුගේ පවුලේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ආරවුල් පවතින අතර මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම වටපිටාව තුලයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?