දේශීය

රාජ්‍ය සේවකයින් අද ලෙඩ වෙයි

රුපියල් 10,000කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් අද (08) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ, වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද තැපැල් කාර්යාල රැසක් වසා තැබෙන බවයි.

එමෙන්ම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව, වරාය සහ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති ද අද අසනීප නිවාඩු වාර්තා කර කොළඹ දී උද්ඝෝෂණයක නිරත වේ.

මේ අතර වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සම්මේලනය අයත් සෞඛ්‍ය සේවකයින් අද සිට පළාත් මට්ටමින් වර්ජනවලට අවතීර්ණ වීමට තීරනය කර තිබේ.

ඒ අනුව අද වයඹ පළාතත් හෙට (09) මධ්‍යම පළාතත් අනිද්දා (10) ඌව පළාතත් ආවරනය වන පරිදි සියලු රෝහල්වල පෙ.ව.7.00 සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය ඇතුළු වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්වීමට නියමිතය.

සමස්ත ලංකා ආයූර්වේද සුවසේවා සංගමයට අයත් බොරැල්ල ආයූර්වේද ශික්ෂණ රෝහලේ ආයුර්වේද සෞඛ්‍ය සේවකයින් ද අද පෙ.ව.7.00 සිට ප.ව.4.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වේ.

මේ අතර ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ද වැටුප් වැඩි විමක් අපේක්ෂා කරන අතර එසේ නොමැති නම් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට නොදන්වා යොමු වන බව පවසයි.     

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?