ඩෙංගු අවධානම තවත් වර්ධනය වේ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ, නවතම වාර් තාවට අනුව පළාත් 07 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක් ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලෙස හඳුනා ගෙන තිබෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,549 ක් වන අතර වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි
තවද එහි වැඩිම අවධනමක් පවතින්නේ බස්නාහිර පළාතේ වන අතර එහි කොළඹ දිස්ත්‍රික්කයේ , පිළියන්දල , හෝමාගම, මහරගම , පිටකෝට්ටේ , කඩුවෙල සහ ගොතටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හා බස්නාහිර පළාතේම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් අත්තනගල්ල , බියගම , දිවුලපිටිය , ජා – ඇල ,කැලණිය ඇතුළු කොට්ඨාස 13 ක ඩෙංගු අධි අවදානම් තත්වයක් පවතින බව හඳුනාගෙන ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සහ කළුතර ද ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලෙස එම වාර් තාවේ නම් කර තිබෙනවා.
මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 03 ක් ද ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.
එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 03 ක ඩෙංගු අධි අවදානම් තත්වයක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය විසින් නිකුත් කළ වාර් තාවේ සඳහන්.
වයඹ පළාතේ ඩෙංගු අධි අවධානම් කලාප ලෙස දක්වා තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත , කල්පිටිය , වෙන්නප්පුව සහ මහවැව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයි.
ඌව පළාතේ, බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයද සබරගමුව පළාතේ,කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ද ඩෙංගු අධි අවදානම් කලාපයන් ලෙස එහි දක්වා ඇත.