කටුනායක වෙළඳ කලාපය ගැන තීරණයක්
Covid 19 වසංගත තත්වය හමුවේ කටුනායක නිදහස් වෙළඳ කලාපය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය නොකළ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
Covid 19 වෛරස ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමට පියවර ගෙන ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවත් වෛරස් ආසාදිතයා වාර්තා වූ ඇඟලුම් කර්මාන්තශාලාව පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
එම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින් මේ වන විට PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
