20 පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කථානායක හමුවට
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායක කාර්යාලයට ලැබී ඇති බව වාර්තා වේ.
එම නිගමනය ඔක්තෝබර් 20වනදා රැස්වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
පසුගිය 22 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.
එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 38ක් විවිධ පාර්ශ්වයන් විසින් ගොනුකර තිබූ අතර ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දිනෙන් අවසන් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
