දේශීය

සායනවලින් ප්‍රතිකාර ගත් රෝගීන්ට, ඖෂධ නිවසටම

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්හට පවතින කොවිඩ් වෛරසය තත්වය හේතුවෙන් තම ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෙට (05) සිට මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත එම ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව සියලුම ප්‍රදේශයන් හී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන රෝගීන්හට අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත ලබාදීම කටයුතු සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රෝගීයාගේ තොරතුරු මේ සඳහා අත්‍යාවශය වන අතර සායනික පොත සමග නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම් අදාළ රෝහල වෙත දුරකථන ඇමතුමක් ලබාදී එම තොරතුරු නිරවුල් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් දැනුම් දෙන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *