දේශීය

කොන්සියුලර් සේවාව අද සිට නැවතත්

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා අද සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය අවම කිරීම හේතුවෙන් අත්හිටුවා තිබූ කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ කටයුතු අද සිට ක්‍රියාත්මක වේ.

පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා කාල සීමාව තුළ පමණක් සේවාවන් සැපයෙන බවද දන්වා ඇත.

0112 – 338 812 වන දුරකථන අංකයෙන් හෝ consular.mfa.gov.lk යන වෙබ් අඩවියට පිවිසී  දිනයක් වෙන් කරවා ගෙන සේවාව ලබා ගැනීමට කාර්යාලයට පැමිණීමට මහජනතාව දැනුවත් කර ඇත.

කොවිඩ් වෛරසය හේතුවෙන් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පුද්ගලයින්ට එම පරිශ්‍රයට ඇතුළුවීමට අවසර හිමි නොවන අතර මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සතියේ වැඩ කරන දිනවල සාමාන්‍ය පරිදි ජනතාව සඳහා විවෘත කරන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

 .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *