දේශීය

තවත් ශ්‍රී ලාංකිකයින් 184ක් දිවයිනට – ඊයේ PCR පරීක්ෂණ 13,741ක්

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 184දෙනෙකු අද (06) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රැඳී සිටි 41දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි 36දෙනෙකු, ඉන්දියාවේ රැඳී සිටි 23දෙනෙකු, ඩුබායි රැඳී සිටි 33දෙනෙකු  සහ ජපානයේ රැඳී සිටි 51දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණි ඇත.

ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සුදානම් කර ඇත.

බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වනවිට ත්‍රිවිද හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,730 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.

මේ අතර ඊයේ (05) දිනය තුළ PCR පරීක්ෂණ 13,741ක් සිදු කර ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *