ඕමානයේදී අත්අඩංගුවට ගත් මිදිගම චූටි දිවයිනට රැගෙන එයි
ඕමානයේදී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් “මිදිගම චූටි” මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.
අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ඇති ඔහු, ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඕමාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් තිදෙනෙකු පසුගිය දා (28) ඕමානය බලා පිටත්ව ගියහ.
ජාත්‍යන්තර පොලිසිය මගින්ද රතු නිවේදනයක් නිකුත් කර ඇති මෙම පුද්ගලයා, මැදපෙරදිග සිට ක්‍රියාත්මක වූ මත්කුඩු ජාවාරම්, මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් රැසක් මෙහෙයවා ඇති බවට සැක කෙරේ.
තවද, “හරක් කටා” ලෙස හැඳින්වෙන මත්කුඩු ජාවාරම්කරු 2023 වසරේ මැඩගස්කරයෙන් මෙරටට රැගෙන එන ලද පසු, ඔහු CID අත්අඩංගුවෙන් පැන යාමට සැලසුම් කළ මෙහෙයුමටද “මිදිගම චූටි” සම්බන්ධ වී ඇති බව හඳුනාගෙන තිබේ.
එම සැලසුමට සම්බන්ධ වූ තවත් ප්‍රධාන පුද්ගලයෙකු වන, හරක් කටාගේ සමීප ගෝලයෙකු සහ ඥාතියෙකු වන “මිදිගම රුවන්” පසුගිය වසරේ ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව, රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුව 2023 මැයි මාසයේදී මෙරටට රැගෙන එනු ලැබීය.
මිදිගම රුවන් අත්අඩංගුවට පත්වීමෙන් පසු, මත්කුඩු ජාලයේ කටයුතු “මිදිගම චූටි” විසින් මෙහෙයවා ඇති බවද වාර්තා වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

