ගාල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා
ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් වෛරස ආසාදිතයින් 25දෙනෙක් හඳුනා ගැනීම හේතුවෙන් මෙලස සංචරණ සීමා පැන වූ බවයි වැඩිදුරයත් සඳහන් කළේ.
ඒ අනුව,
- මිලිද්දූව
- කෝන්ගහ
- තලාපිටිය
- දංගෙදර නැගෙනහිර
- දෙද්දුගොඩ උතුර
- දෙද්දුගොඩ දකුණ
- මකුළුව
යන ග්‍රාම නිලධාරී වසම් 7 සඳහා දැඩි ලෙස සීමා පැනවීමට කටයුතු කර ඇත.
එසේම පවත්න කොවිඩ් තත්ත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසා දැමීමට තිරණය කර ඇති අතර ඒ අනුව ලබන 18 වන දින දක්වා සියලු පාසල් වසා තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
