වැලිසර රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීමට මහජන සහය පතයි
වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතා තිබේ.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ලැබුනහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
- පොලිස් ස්ථානාධිපති මහබාගේ – 071 8591597
- හදිසි ඇමතුම් අංශය – 0112433333 / 119
ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ව්‍යාජ ලිපිනයකින් රෝහල්ගත වී ඇති බවත් ක්ෂය රෝගියෙකු වන 43 හැවිරිදි එම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට සොයාගෙන ඇති අතර සැකකරු සොයා මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
