කොත්තමල්ලි කියා අපද්‍රව්‍ය ගෙනත්
යුක්රේනයේ සිට මෙරටට ගෙන්වන ලද කෘෂි අපද්‍රව්‍ය බහාලුම් සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.
පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන බවට සඳහන් කරමින් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහාලුම් 28 සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.
බේසල් සම්මුතියට අනුව කෘෂි අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම සපුරා තහනම් කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද බේසල් සම්මුතියට අත්සන් තබන ලද රටකි.
මෙම කෘෂි අපද්‍රව්‍ය මගින් විවිධ හානිකර තත්ත්වයන් මෙරට පරිසර පද්ධතියට ඇතුළු විය හැකි බවත් ඒ අනුව බහාලුම් සියල්ලම යුක්රේනයේ අදාළ සමාගම වෙත ප්‍රති අපනයනය සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.