දුර ගමන් සේවා බස් ධාවනය අද සිට
දුර ගමන් සේවා බස් ධාවනය අද (01) සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙතෙක් එම සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු බවත් කොවිඩ් ව්‍යාප්තිය සමග පෞද්ගලික බස් හිමියන් තම බස් රථ ධාවනය සීමා කිරීම හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් රථ ධාවනයේ අඩුවක් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.
ලංගම බස් රථ යොදා එම අඩුව පිරවීම රජයේ අරමුණ බවයි රාජ්‍ය අමාත්‍යාවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ තවදුරටත් දුරගමන් සේවා දුම්රිය ධාවනය නොවන බවයි.
කාර්යාලයීය දුම්රිය පමණක් ධාවනයට එක්කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
