දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

අද (02) උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මි. 50ක පමණ තද සුළං ඇතිවේ.

සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

උදෑසන කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *