විදේශීය

මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාවේ අනුමැතිය

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට අනුමැතිය පළකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

මියන්මාර හමුදා ජුන්ටාවේ නායකයින්ට, ඔවුන් ගේ පවුල්වල සාමාජිකයින්ට, හා ඔවුන්ට සම්බන්ධ ව්‍යාපාරවලට එරෙහිවය මෙලෙස සම්බාධක පනවා තිබේ.

මියන්මාරයේ පැවති ජන විරෝධතාවක් අතරතුරදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව නව සම්බාධක හඳුන්වාදී ඇති බව වාර්තා වේ.

සම්බාධකවලට අමතරව, මියන්මාර රජයට අයත් අමෙරිකාවේ රඳවාගෙන ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක අරමුදලද  අවහිර කර තිබුණූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *