ගිනි අවි ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට
ගිනි අවි ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අගුලාන සහ උඩුදුම්බර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ඊයේ (02) සිදුකළ මෙහෙයුමකදී රිවෝල්වරයක් ළඟ තබාගෙන සිටි 20 හැවිරිදි තරුණයෙකු සහ ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඉන් එක් අයෙකු ගුවන් හමුදාවෙන් පැන ගිය සෙබලෙකු බව ද අනාවරණය වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
