සන්රයිසර්ස් කණ්ඩායමේ ටී නටරාජන්ට කොවිඩ් ආසාදනය වෙයි
සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
වමතින් වේග පන්දුයවන ටී. නටරාජන් ඩුබායි හීදී සිදුකළ RT-PCR පරීක්ෂණයක දී ආසදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුව ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.
ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙක්ව ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
එම කණ්ඩායමේ අනෙක් සියලුදෙනාව අද (22) RT-PCR පරීක්ෂණ සඳහා යොමුකළ අතර ඔවුන් ආසාදිතයින් නොවන බවට හඳුනාගෙන ඇත.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය නියමිත පරිදි පැවැත්වෙන බව IPL බලධාරීන් නිවේදනය කර තිබේ.
ඩුබායිහී දී ඊයේ (21) පැවැති තරගයෙන් පන්ජාබ් කිංග්ස් පිල පරදවා ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල් පිල සමත් වුණි.
රාජස්ථාන් පිල සිය පන්දුවාර 20තුළ දී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 185ක් රැස් කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 186ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට හැකි වූයේ සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 183ක් රැස් කිරීමට පමණි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

