උපතේදී ම සෑම දරුවෙකුටම ජා.හැ. අංකයක් ලබාදීමට යෝජනාවක්
සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබේ.
ළමා අයිතිවාසිකම් හා සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා එය යෝජනා ඉදිරිපත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇත.
දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ තාක්ෂණික කමිටුවේදී මේ බව සඳහන් කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා ඇත.
මෙම වැඩසටහන මඟින් ළමයින්ට මෙන්ම රටේ අනාගත පරම්පරාවට ද ප්‍රතිලාභ සැලසෙන ප්‍රධාන කරුණු 5 ක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.
මේ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

