දේශීය

කිරිපිටි මිල වැඩි කිරීමට ආනයනකරුවන් තීරණය කරයි

පාලන මිල ඉවත් කිරීමත් සමග ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව  කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් මිල ඉහළ දැමීමට මේ වන විට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පවසයි.

මේ හේතුවෙන් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1,300ක උපරිම මිලකට සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක උපරිමයකට අලෙවි කිරිමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *