දේශීය

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද විවෘත කෙරේ

ඉන්දියාවේ 29වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමට නියමිතය.

එම අවස්ථාවට සහභාගී වීම සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ මහා සංඝරත්නයේ 95 නමක් අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1147 දරන ගුවන් යානය අද අලුයම 05.20ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

මේ අතර වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආගමික වතාවත් සඳහා ඉන්දියාවට වැඩම කරවීම ද මෙහිදී සිදු කෙරුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *