අසාද් සාලි තවදුරටත් රිමාන්ඩ්
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්රියා කළේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන මස 09වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ එම පැමිණිල්ල අද (26) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරයාට එරෙහිව ඊයේ (25) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්ර භාර දී තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

