T20 අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ?
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (11) ඩුබායිහිදී පකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත් වීමට නියමිතව තිබේ.
තරග මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.
සුපිරි 12 දෙනාගේ වටයේ දී පකිස්තාන කණ්ඩායම තරග කළ තරග වට 5 ම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
පළමු ඛාණ්ඩයෙන් තරග වැදුනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග කළ තරග වට පහෙන් තරග 4 ක් ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේය.
ඒ අනුව අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම සමග එළඹෙන 14 වනදා තරග වැදීමට නියමිත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

