කෘෂි රසායනික සහ ශාක පෝෂක ආනයනයට අවසර
මහ කන්නයේ බෝග වගාවන් සඳහා නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුත් කෘෂි රසායනික පොහොර සහ ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර දී තිබේ.
ඒ කෘෂි විද්‍යාඥයින් ඇතුලු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ගගත සැලැස්මට අනුවයි.
ඒ අනුව මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත් අවශ්‍ය පසුබිම් සකස් කරමින් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.
යූරියා ඇතුලු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.
එම අවසරය හිමිවන්නේ ආනයන අපනයන බලතල ප්‍රකාරව බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

