දේශීය

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5ක තහනම ඉවත් කෙරේ

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5ක් භාවිතය සහ විකීණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතාගේ අත්සනින් යුතුවයි.

2014 වසරේ දෙසැම්බර් 22 වැනි දා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන සක්‍රීය රස ද්‍රව්‍ය අන්තර්ගත පළිබෝධ නාශක භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *