දේශීය

කින්නියා නගරාධිපතිවරයා අත්අඩංගුවට

පාලම් පාරුව පෙරළීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.

මේ අතර කින්නියා පාරු අනතුර සම්බන්ධයෙන්, ඊයේ (24) අත්අඩංගුවට ගත් පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ලබන මස 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්‍රා කරමින් තිබූ එම පාරුව පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබුණි.

පාසල් දරුවන් ඇතුළුව අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 20 දෙනෙකි.

එම අනතුර උදෑසන 7.00ට පමණ සිදුව තිබූ අතර ඒ අවස්ථාවේ පාසල් දරුවන් ඇතුළු 25ත් 30ත් අතර පිරිසක් පාලම් පාරුවේ ගමන් කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *