දේශීය

සතොසින් අද සිට 100ට අඩුවෙන් සහල්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (12) දිනයේ සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක් රුපියල් 100ට අඩුවෙන් සතොස වෙළඳසැල් මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මීට අමතරව තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට අද දිනයේ සිට සතොස වෙළඳසැල් හරහා ලබාගත හැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *