ඇමති වීරසේකරට කොවිඩ්
මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවක දී අමාත්‍යවරයා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.
ඔහු පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළ අතර හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වේ.
හිටපු නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයා ද වූ සරත් වීරසේකර මහතා මෙවර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

